Sunday, February 08, 2026
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 349 ක් වාර්තා වෙයි

ගතවු පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු හදුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 191 දෙනෙකු ඊයේ රාත්‍රීයේ හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,846ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් ආසාදිතයින් 86,466ක්ම මේ වන විට පූර්ණ සුවය ලබා අවසන්.

මෙරට 545වන කොවිඩ් මරණය ද ඊයේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ 85 හැවිරිදි බූවැලිකඩ ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙක්. ඔහු මිය ගොස් ඇත්තේද ඉකුත් මාර්තු 14 වනදායි.

(Neth)