Wednesday, July 09, 2025
Follow Us
පස්සර බස් රථ අනතුරෙන් 07ක් ජිවිතක්ෂයට

පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

(Neth)