Tuesday, July 08, 2025
Follow Us
 පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවුනොත් කරන දේ කාදිනල් හිමි කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම් කර සිටින වැරදිකරුවන් අප්‍රේල් 21වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින් පුරා විරෝධතාවයක් පවත්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

ලබන අප්‍රේල් 21වන දිනට පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන බැවින් අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් එදින ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා විරෝධයක් සිදු කරන බව කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් සඳහන් කරයි.

විනිවිඳභාවයෙන් යුතුව කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වමින් කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති වැරදිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව රංජිත් හිමියන් සඳහන් කරයි.

(Aruna)