අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
සිරකරුවන් කල්ලිගැසී බන්ධනාගාරවල සිට අපරාධ මෙහෙයවීම වැලැක්වීම සඳහා එම වැඩපිළිවෙල හඳුන්වා දෙන බව ඇමතිවරයා සඳහන් කර ඇත.
මේ යටතේ වන විවිධ වර්ගීකරණයන් වලදී විවිධ ගනයේ සිරකරුවන් එකට රැඳී සිටීමට හිමිවන අවස්ථාව අහිමි වන බවද ප්‍රකාශ කළේය.
(Aruna)