රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.
මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වේ.
බණ්ඩාරගම නගරයේ සිදු කල කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 63දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය පැය 4කට පසු අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකයන් වශයෙන් දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියංජන්ව නම්කර තිබෙන බවට වාර්තා වේ.
සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් අද රථ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. මොරටුව, කොට්ටාව, වැලිසර සහ කඩවත සිට එම රථ පෙළපාලි කොළඹ දක්වා පැමිනීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.
ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ප්‍රකාශ කර සිටිනවා.
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Page 376 of 737