Thursday, September 25, 2025
Follow Us
ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, නීතිවිරෝධී ලෙස පිරිස් එක්රැස් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපේ ජන බල පක්ෂය පොලීසියෙන් ඉල්ලා සිටිනවා.

ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පෙරේදා දිනයේදී ද ගුරුවරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබිණි.

(LNW)