Tuesday, May 07, 2024
Follow Us
කොවිඩ් වැළදුනු ගැබිනි මව්වරුන්ට ඇති විය හැකි රෝගී තත්ත්වයන්

කොවිඩ් වැළදුන ගර්භණී මව්වරුන් මේ ගැන දැනුවත් ද?


කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ ගර්භණී කාන්තාවන්ට පසු කොවිඩ් රෝගී තත්ත්වයන් වාර්තා වන බව ප්‍රසව හා නාරි වෛද්‍ය විද්‍යායතනය පවසයි.

එහි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝහල් මහතා පැවසුවේ මෙය බරපතළ තත්ත්වයක් නොවන බවත්, ඊට නිසි ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය බවයි.

කොවිඩ් ආසාදනය වූ ගැබිනි මව්වරුන් ඉන් සුවය ලබා සති 4කට පසු ශ්වසන අපහසුතා ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මාංශපේශී වේදනා, විඩාකාරී බව සහ දණහිස් වේදනාව යන රෝගී තත්ත්වයන් ද ඇති විය හැක.

එම පසු රෝගී තත්ත්වය මාස 6ක් දක්වා තිබිය හැකි බවත්, එය බරපතළ තත්ත්වයක් නොවන බව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝහල් මහතා පෙන්වා දෙයි.
කොවිඩ් ආසාදනය වූ ගර්භණී මවක් පසු කොවිඩ් තත්ත්වයන් පිළිබදව දැන සිටිය යුතු අතර, එවැනි රෝගී තත්ත්වයන් ඇත්නම් ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ගැනීම වඩාත් සුදුසු බව ශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Aruna)