Tuesday, May 07, 2024
Follow Us
දෙවන විස්සයි විස්ස ජයත් ශ්‍රී ලංකාවට

භානුක රාජලපක්ෂ සහ චාමික කරුණාරත්නගේ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් ඕමාන කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 08ක් දැවී ලකුණු 159ක් රැස්කළා. අකීබ් ඉල්යාස් ලකුණු 59යි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවා ගත්තා. ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක්දැවී එම ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18කදී හයේ පහර 03ක් සමගින් ලකුණු 33ක් රැස් කළා. නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලට යම් පීඩනයක් එල්ල කිරීමට ඕමාන පන්දු යවන්නන් සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 05ක් දැවී ලකුණු 89ක් ලබා අසීරු අඩියකද පසුවුණා.

අනතුරුව පිටියට එක්වු භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න පන්දු 42කදී ලකුණු 74ක වේගවත් සබධතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

භානුක රාජපක්ෂ පන්දු 21ට මුහුණ දෙමින් නොදැවී ලකුණු 35ක් රැස් කළේ හයේ පහර දෙකක් සමගින්. චාමික කරුණාරත්න පන්දු 26කදී හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණඩායම මෙම තරගාවලි

(Neth)