කොවිඩ් වසංගතයට අදාලව රජය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එම සංඛ්‍යා ලේඛන හා රෝහල්වල සැබෑ තත්වය අතර බරපතල වෙනසක් තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
The Ambalantota Traders Association has decided to close all shops in the Ambalantota town for a week starting from today (15).
සිය ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්මක් අත්සන් කිරීමේ වැඩසටහනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද ආරම්භ කළා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් පැවසුවේ එම පෙත්සම සඳහා දෙමාපියන්ගෙන් ද අත්සන් ලබා ගන්නා බවයි.
වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිටත් ප්‍රමාද වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. දැන් හෝ ඉතා දැඩි සංචරණ සීමා පනවා, ව්‍යාප්තිය පාලනය නොකළහොත් අවාසනාවන්ත තත්වයක් ඇතිවිය හැකි බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3263ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
LTTE සංවිධානයේ සංඥා අංශයේ හිටපු නායකයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.
ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3435ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වසංගතය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන ලෙස තවදුරටත් රජයට හෝ බලධාරීන්ට බලකිරීමට බලාපොරොත්තු නොවන අතර අවසාන වශයෙන් මේ ඛේදවාචකය ගැන පැවසීමට ඇත්තේ මහජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා. අදාල සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරුවේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත් වීමට නියමිතයි.
විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත පැවසුවේ ආසාත්මිකතා ඇති පුද්ගලයින් පමණක් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමේදී ආරක්ෂාකාරී විය යුතු බවයි.
The milk powder importers still insist on a price hike of at least Rs. 260 for a packet of one kilo despite tax exemptions and by the slight drop of world market prices.
ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
තෙවන දිනටත් මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ 150 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වු කොරෝනා මරන සංඛ්‍යාව 160ක්. ඒ අනුව ගතවු සතිය තුළදී පමණක් මෙරටින් කොරෝනා මරණ 919ක් වාර්තා වී තිබෙනවා.
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන අඛණ්ඩව දෙවන දිනටත් ඊයේ දිනයේ 3,000 සේ සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,152ක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ. ඉකුත් 12වනදා සිදු වූ කොරෝනා මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
Page 377 of 744