Friday, May 17, 2024
Follow Us
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපනික ආයතන යළි අරඹයි

පිරිවෙන් අධ්‍යාපනය ගැන නිවේදනයක්


ඔක්තෝබර් මස 14වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් පරිදි ආරම්භ කිරීම ඔක්තෝබර් 21 වනදා සිට සිදුවෙන බවද සඳහන් කරයි.

(Aruna)