Saturday, May 04, 2024
Follow Us
අවුරුදු 20 ට වැඩි සියළු දෙනාටම බූස්ටර් එන්නතක්

වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. ඒ සඳහා අදාළ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර තීරණය කර තිබුණේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමටයි. එම ඉලක්කය ළඟාකර ගැනීමෙන් පසු විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට සහ ඉන් අනතුරුව වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් එන්නත් ලබාදීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ. කෙසේවෙතත් ඒ සඳහා නිෂ්චිත කාල වකවානුවක් තීරණය වී නැහැ.

බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදෙන්නේ කිසියම් පුද්ගලයෙකු සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයක් ගතවීමෙන් පසුවයි.

(Neth)