Thursday, September 25, 2025
Follow Us
එල්ලවූ චෝදනා වලට මමත් බිරිඳත් නිර්දෝෂී - තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක්

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙස පැන්ඩෝරා ලේඛණ වල නම ඇතුලත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් විසින් ඉල්ලා සිටිනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙස ඉල්ලා තිරුකුමාර් නඩේසන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් ඉල්ලා සිටිනවා.

" මා සහ බිරිඳ කිසිදු වරදක් සිදුකර නෑ.. ඒ වගේම අප මේ චෝදනා වලට නිර්දෝෂී යැයි සහතික කර පවසන්න පුළුවන්" තිරුකුමාර් නඩේසන් විසින් යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් සිදුකරන ලද ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් අනුව අක්වෙරළ සමාගම් හරහා සිදුකරණ ලද ගණුදෙනු සම්බන්ධයෙන් නිරුපමා සහ නඩේසන් ගේ නම් පැන්ඩෝරා ලිපිවල සඳහන් වනවා.

මේ අතර මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

Thir

(Neth)