Saturday, May 04, 2024
Follow Us
සෞඛ්‍ය සේවක වැඩවර්ජනය ඇරඹෙයි

අද (08) පෙරවරු 07.00 සිට 12.00 දක්වා පැය පහක කාලයක් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ඒ, රුපියල් 7500ක කොවිඩ් දීමනාව ලබා දීම අත්හිටුවීමට විරෝධය පළකිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්ය.

මෙම වැඩවර්ජනය රිජ්වේ ආර්යා ළමා රෝහල,පිළිකා රෝහල, කොවිඩ් ප්‍රතිකාර රෝහල්,වැනි විශේෂිත රෝහල් තුළ සිදු නොකරන අතර පස්වරු 12.00 සිට 12.30 දක්වා කාලය තුළ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

සිය ඉල්ලීම්වලට අද දිනයේදී විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා හැර විකල්පයක් නැති බව වැඩවර්ජනයට සහය පළකරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සභාපතිධූරය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය විරුද්ධත්වය පළකර තිබේ.

(LNW)