Saturday, May 04, 2024
Follow Us
ඉදිකිරීම් කඩා වැටීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් හෙට ඇතිවන බරපතල අර්බුධයක්


විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ භාණ්ඩ මිල ගණන් සීග්‍රයෙන් ඉහළගොස් ඇති බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා පවසයි.

ඉදිරි අයවැය තුළින් මිල සාමාන්‍යකරණය කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වන බව ඔහු පවසයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

“තොග මිල මම මේ කියන්නේ, රුපියල් 585ට තිබ්බ කම්බි දැන් 800ක්. 880වට තිබ්බ සිමෙන්ති දැන් 1100යි. රුපියල් 1,800ට තිබ්බ වයර් 3,500 වෙලා. “ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)