Friday, May 17, 2024
Follow Us
හැට පැන්න අයට ස්වයං රැකියා අවස්ථා

60ට වැඩි අයට මසකට රු. 30,000ක් උපයාගන්න පුළුවන් ක්‍රමයක්


වයස අවුරුදු 60 ඉක්මවූ, කිසිදු විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදලක් නොලබන වැඩිහිටියන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කර ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී.ලැන්රොල් ‘අරුණ‘ට පැවැසීය.

වැඩිහිටියන්ට ජීවත්වීම සඳහා මුදල් සොයාදීමේ අරමුණින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින සමාජ සේවා නිලධාරියාගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව රුපියල් තිස්දහසක මුදලක් ස්වයං රැකියාවක් අලුතෙන් ආරම්භ කිරීමට කැමති සහ දැනට ස්වයං රැකියා සිදුකරගෙන යන වැඩිහිටියන් සඳහා ලබාදීම සිදුකරයි. තනි හෝ කණ්ඩායම් මගින් ස්වයං රැකියා සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙන බවද හෙතෙම කීවේය.
ඒ යටතේ ආරම්භ කළ බොන්සායි කලාව පිළිබඳ පුහුණුව දැනටම ආරම්භ කර ඇතත්, කොවිඩ් වසංගතයත් සමග එය අඩාළ වී ඇත. වැඩිහිටියා ද ජාතික ආර්ථිකයට දායක කරගැනීම මෙහි අරමුණ බව අධක්ෂවරයා පැවැසීය.

(Aruna)