Sunday, March 29, 2026
Follow Us
ගුරු - විදුහල්පතිවරු සටන අත් නොහැරීමේ තීරණයක

ලබන 21 වනදා පාසැල් ආරම්භ කිරීමට පෙර සිය වැටුප් ගැටලුවට විසදුමක් ලබාදෙන ලෙස ගුරු විදුහල්පති සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ගුරු - විදුහල්පති වැටුප් වැඩිකිරීමට අවශ්‍ය මුදල් දුම්වැටියක මිල රුපියල් 20 කින් වැඩිකිරීමෙන් සොයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම යෝජනාවේ කිසිදු තාර්කික පදනමක් නොමැති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිහ පැවසුවේ.

(Neth)