Saturday, May 04, 2024
Follow Us
ක්‍රිකට් පිටියේ පළමු වරට ශ්‍රී ලංකාවට අද ඕමානය මුණගැසේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත්. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 ට ආරම්භවීමට නියමිතයි. දෙවන තරගය ලබන 9 වනදා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි. මෙලෙස ඕමානය සමග ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කෙරුණේ එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණ කර ගෙනයි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය මෙය වනවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයේ සත්කාරකත්වයෙන්. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ඕමානයටද තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයකට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙක කාණ්ඩ දෙකක් යටතේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරග වදිනු ඇති.

(Neth)