Thursday, September 25, 2025
Follow Us
ඉදිරියේදීත් වෙළඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක්

ඉදිරියේදීත් වෙළඳපොළ තුළ ආනයනික කිරිපිටි හිඟයක් මතුවීමේ අවධානමක ලකුණු පහළ වී තිබෙනවා. ඊට ද හේතුවී ඇත්තේ ඩොලර් හිඟයයි. දින 90 කට වඩා වැඩි කාලයක් මෙරටට ගෙන්වූ කිරිපිටි ටොන් ගණනක් තවමත් වරායේ සිරවී තිබෙනවා. ඒවා මුදා ගැනීම සඳහා මහ බැංකුව විසින් මේ වනවිටත් අවශ්‍ය ඩොලර් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

එවන් පසුබිමක් නිර්මාණය වී තිබියදී ඩොලර් හිඟය මතු කරමින් ඉදිරියේදී මතුවිය හැකි බව කියවෙන ගැටළුද්‍ව කුමක්දැයි නෙත් නිවුස් කිරිපිටි ආනයනකරුවන්ගෙන් විමසීමක් කළා. එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ ඉදිරි මාස දෙකක කාලයට මෙරටට ගෙන්විය යුතු කිරිපිටි සඳහා තවත් ඩොලර් මිලියන 9.9 ක් ගෙවිය යුතු බවයි.

මේ වන විට වරායේ ඇති සියලු කිරිපිටි කන්ටේනර් ලබන සතිය වන විට නිදහස් කරගන්නා බවයි ඔහු පැවසුවේ.

ග්‍රෑම් 400 යේ පැකට්ටුවක මිල රුපියල් 140 කින්ද, කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 350 කින් ද ඉහළ දැමිය යුතු බවට වන සිය තීරණය අදාළ බලධාරීන්ට දැනටමත් ලබාදී ඇති බවයි කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවේ.

(Neth)