ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Police will conduct special operations across the country at the weekend to apprehend the persons who host parties and events violating the quarantine rules and regulations, police said.
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා. ඒ සදහා පත් කළ කමිටුවට හානිය ගණනය කිරීම සදහා මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා. එහෙත් මෙවැනි සංකීර්ණ කටයුත්තක් එවැනි කාලයකින් සිදුකළ නොහැකි බවටයි එම අධිකාරියේ මතය වී තිබෙන්නේ.
මෙරට සියලුම පාසල් ගුරුවරු ගුරුවරියන්ට කොවිඩ් මර්දන එන්නත එළඹෙන සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.
ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පවත් වුණා.
තරග සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එලෙස පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බවයි. ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සදහා යොමු කර ඇති බව ඉකුත්දා මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු නායක අර්ජුන රණතුංගද ප්‍රකාශ කර තිබුණා.
හෙද සංගම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකළහොත් ජුලි 07 වනදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ දිල්හාර ප්‍රනාන්දු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත බවට වාර්තා වේ.
සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොරෝනා මර්දන රාජකාරී සඳහාද බලපෑම් එල්ලවී තිබෙනවා. අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති, උපුල් රෝහණ පැවසුවේ සාමාන්‍ය රාජකාරිවලින් සිය සාමාජිකයින් මේ වන විට ඉවත්වී ඇති බවයි.
ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1823 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ජුලි මස 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
මේ වනවිට ප්‍රබල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි නිශ්චිතව දන්නා නමුත් එය වැළඳුනේ කාටද, ආසාදිතයින් සිටින්නේ කවර ප්‍රදේශවලද යනාදිය වෙනම සෙවීම ප්‍රායෝගික නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය ඊයේ (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.
Delta variant, the most transmissible variant poses a major threat to unvaccinated or partially vaccinated people, Dr Chandima Jeewandara, the Director at Allergy, Immunology and Cell Biology Unit of the University of Sri Jayewardenapura said.
එංගලන්ත පිල හමුවේ සංචාරක ශ්‍රී ලංකා පිල ඊයේ දින ලැබූ පරාජයත් සමග ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ රට බවට පත්ව තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් සේවකයන් විසිනව දහසකට අධික පිරිසක් ජීවනෝපාය මාර්ගයක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.
පසුගිය මැයි 21 වනදා සිට මේ දක්වා කිසිදු අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය නොකළ බවත් බස් රථ 3200 ක් අතරින් මේ වන විට ධාවනය කෙරෙන්නේ බස් රථ 100 ක පමණ ප්‍රමාණයක් බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ‘අරුණ’ට ඊයේ (01 වැනිදා) පැවැසීය
Page 375 of 719