කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයකට ලඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශ කර සිටිනවා.
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වෙළෙඳසැළක ඇති ගෝනියක තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා. 55 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ සවස් වරුවේ වාලච්චේන පොලීසියට ලැබී තිබූ අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අගෝස්තු 04වනදා කොවිඩ් මරණ 94ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති විරෝධාතාවයේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, එම පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විරෝධතාවය අතරතුරදී පොලිස් භාරයට ගැනුණු රථවාහන කිහිපයක් ද එහිදී මුදා හැර තිබෙනවා.
ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
A batch of 2.14 million doses of the Sinopharm COVID-19 is due to arrive in Sri Lanka today and another batch of 1.86 million doses of the vaccine is due to arrive on Sunday.
කොවිඩ් වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එකම විසදුම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව අද කැඳවා තිබිණි. සැකකරුවන් දෙදෙනා පෙර ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
Latest data released by health experts shows a grim picture for Sri Lanka as a result of the coronavirus with key cities at risk.
දින හතරක් තුළ කොවිඩ් රෝගින් 174ක් යටවත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග අද (05)දහවල් යෙලක්කරය නගරය ජනශුන්‍ය වී තිබෙනවා.
මේවනවිට මෙරට ප්‍රධාන රෝහල් 06 ක කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණා.
ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා.
Page 375 of 737