Thursday, September 25, 2025
Follow Us
ගෑස් මිල ඉහළ යාමත් සමග හෝටල් කෑම බීම මිල ඉහළට

හෝටල් කෑම බීමවල නව මිල ගණන් මෙන්න


ගෑස් මිල වැඩිවීමත් ආහාර පානවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ කිරි තේ ,බිත්තර ආප්ප ,රයිස් සහ කොත්තුවල මිල ඉහළ දමන බවයි.

රුපියල් 50ක්ව පැවති කිරි තේ එකක මිල රුපියල් 60ක් වනු ඇත.
ප්ලේන්ටියක මිල රුපියල් 25ක් වන අතර, එහි මිල වැඩි නොකෙරෙන බව බව ඒ මහතා පැවසීය.

රුපියල් 50ක්ව පැවැති බිත්තර ආප්පයක මිල රුපියල් 10කින් වැඩි වනු ඇත.
ප්ලේන් ආප්පයක මිල පැවැති මිලටම එනම් රුපියල් 25කට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

රයිස් සහ කොත්තු මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව අසේල සම්පත් මහතා පැවසීය.

පවතින ආර්ථික ගැටළු මධ්‍යයේ ජනතාවට තවත් අපහසුතාවට පත්නොවන අයුරින් මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)