Tuesday, May 07, 2024
Follow Us
වැඩිවන ලාෆ් ගෑස් මිල ගණන් අද ප්‍රකාශයට

ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ සිය නව මිල ගණන් අද දිනයේ දැනුම් දෙන බවයි.

ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලද, මේ වන විට ඉහල දමා ඇති ලිට්‍රෝ ගෑස් මිලට ආසන්න මුදලකින් ඉහල යනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේවන විට ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළද පොළේ මිලදී ගැනීමට නොමැති බව පාරිභෝගිකයින් සඳහන් කළා.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල වැඩි කරන බවට සැලවීමත් සමග ප්‍රදේශ කිහිපයකම ගෑස් අලෙවි නියෝජිතයින් සිය වෙළදසැල් වසා දැමීමට පියවර ගෙන තිබු බවයි පාරිභෝගික ජනතාව සඳහන් කළේ.

ඔවුන් චෝදනා කළේ ගෑස් මිල වැඩවන බවට සැලවීමත් සමග ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් තොග සැගවීමට කටයුතු කළ බවයි.

මේ අතර තිරිගු පිටි සහ සිමෙන්ති නව මිල ගණන්ද අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම්වල නියෝජිතයින් පවසනවා.

නෙත් නිවුස් කළ වීමසීමකදී එම නියෝජිතයින් සඳහන් කළේ නව මිල ගණන් පාරිභෝගික අධිකාරිය විසින් අද දිනයේ තමන් වෙත ලබාදෙනු ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 50හේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 180 කින් සහ තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහල දමන ලෙස තමන් රජයෙන් ඉල්ලුා ඇති බවයි එම සමාගම් නියෝජිතයින් සඳහන් කළේ.

(Neth)