හදුන්වා දී ඇති ක්‍රමවේදයෙන් බැහැරව නිවෙස් තුළ රැදී නොසිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කොරෝනා ආසාදිතයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඇදිරි නීති සමයේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් කොටු වේ
මෙතෙක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ගතවූ සතියක කාලය සැසදීමේදී මෙරට දෛනික කොරෝනා මරණ සිදුවීමේ සම්භාවිතාව සියයට 146කින් ඉහල ගොස් තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම අද අලුයම සමත් වුණා.
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රාජකාරි කටයුතු සඳහා අනියුක්තව සිටින අතිරේක වෛද්‍යවරුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළවීම සඳහා අවම වශයෙන් දින 05 ක හෝ 06 ක කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී තිබෙනවා. රෝග ලක්ෂණ පහළ නොවුවද තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සිදුවන බැවින් මෙය ඉතා භයානක තත්තවයක් බවයි එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් අද පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා සියලු විද්‍යුත් නාලිකා හරහා සජීවීව විකාශය කෙරෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කරනු ඇති බවට විවිධ වාර්තා පළ වුණා.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත ලබාගත් තවත් පුද්ගලයින් එක් ලක්ෂ 7,930 දෙනෙකු සිය එන්නත්කරණය ඊයේ දිනයේදී සම්පූර්ණ කළා.
දුම් පානය කරන පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළදීමේ සම්භාවිතාවය 14 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවී මාස 28ක් ගතවන අද දිනයේ රාත්‍රී 07 සිට 08 දක්වා නිවෙස් තුළ සිට ජප මාලය උච්චාරණය කර යාඤා කරන ලෙස කතෝලික සභාව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එළඹෙන 21 වනදා පවැත්වීමට නියමිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක කළු කොඩි විරෝධතාවය පිළිබඳව කතෝලික අගරදගුරු පදවිය කරුණු පැහැදිලි කරණු ලැබුවේය.
Page 374 of 744