සතොස ආයතනයේ සිදුවූ සුදුළූණූ වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් නිලධාරීන් කණ්ඩායමක් විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සතොස ආයතනයේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, සැපයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සැපයුම් කළමනාකරු සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකාරවරයායි.
සුදුළූණු වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සුදුළූණූ කිලෝ ග්‍රෑම් 54,000 කින් යුත් බහාලුම් 02 ක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ සිද්ධියට අදාළවයි මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මීට පෙර ද සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ ඊට අනුබල දුන් ව්‍යාපාරිකයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
(Neth)