Friday, May 03, 2024
Follow Us
ගුරු විදුහල්පතිවරුන්ගේ තීරණය හෙට

අගමැති හා ගුරු සංගම් අතර පැය 3ක් පැවැති සාකච්ඡාව අවසන්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ.

අද (12) පස්වරු 12.30ට ආරම්භ වූ එම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවැත් වුන බව ගුරු විදුහල්පති සංගම් සදහන් කරයි.

සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා….

අපේ අහිමිකරන ලද අවුරුදු 24ක වැටුප ලබා ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා වුණා. පැය 3කට ආසන්න සාකච්ඡාවෙන් පසුව අගමැතිතුමා ඇතුළු මැතිඇමැතිවරුන්ගේ පාශ්වයෙන් දීප විසදුම තමයි මේ යෝජිත වැටුපෙන් පළවෙනි අදියර 2022 වසරේ ජනවාරි ලබාදෙන්නත්, ඒ වගේම ඉතිරි අදියර දෙක 2023 ජනවාරි මස එකවර ලබාදෙන්න.
එම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ ඊට ගුරු විදුහල්පති සංගම් ලෙස එකගතාවය පලනොකළ බවයි.

ගුරු විදුහල්පතිවරු සන්ධානය ලෙස හෙට (13) දිනයේ රැස්වීමෙන් අනතුරුව විධිමත්ව තම සන්ධානයේ අදහස ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)