Friday, May 03, 2024
Follow Us
කුඩු මිලත් ඉහළ ගිහින්

කුඩ්ඩෝ කුඩු ගහලත් ඉවරයි


මාසයක් පමණ තිස්සේ වෙළෙඳපොළ වෙත අවශ්‍ය පරිදි හෙරොයින් තොග නොපැමිණීම නිසා කුඩු ජාවාරම්කරුවන් කුඩු මිල හතර ගුණයකින් වැඩිකර ඇතැයි අනාවරණය වේ.

දිගින් දිගටම මුහුදු මාර්ගයෙන් ආ මහා පරිමාණ කුඩු තොග මෙරට ආරක්ෂක අංශ හා ඉන්දීය ආරක්ෂක අංශවලට හසුවීමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙන්වා දෙයි.

මාසයකට ඉහත දී රුපියල් දසදහසට අලෙවි වූ හෙරොයින් ග්‍රෑම් එකක් ඊයේ (11 වැනිදා) වන විට රුපියල් හතළිස් පන්දහස දක්වා මිලකට ඉහළ ගොස් ඇතැයි හෙළි වී තිබේ.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ රුපියල් කෝටියකට විකුණන හෙරොයින් මිල රුපියල් කෝටි හතරමාර දක්වා ඉහළ ගොස් ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ වෙනදා රුපියල් දහසට අලෙවිවන මත් කුඩු පැකට්ටුව රුපියල් 2500 දක්වා ඉහළ ගොස් ඇති බවය.

සිරගතව සිටිමින් හෙරොයින් ජාවාරම් කරුවන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යැවීමද වෙළෙඳපොළ හොරොයින් හිඟයට බලපා තිබේ.

(Aruna)