Tuesday, May 07, 2024
Follow Us
පිරිමි දරුවන් අතවරයන්ට ලක්වීම ඉහළට

ගිය වසරේ අවුරුදු 11-15 දරුවන් 4095ක් අපයෝජනයට


ගෙවී ගිය වසර තුළ වයස අවුරුදු 11-15ත් අතර දරුවන් අපයෝජනයට ලක් වූ ප්‍රවණතාව අනෙකුත් වයස් කාණ්ඩයන්ට සාපේක්ෂව 50%කින් වැඩි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව පසුගිය වසරේ එම වයස් සීමාවේ පසු වූ දරුවන් 4095 දෙනකු අපයෝජනයට ලක් වී ඇත.

මීට අමතරව පසුගිය වසරේ සිදු වූ සියලුම අපයෝජනයන්ගෙන් 99%ක් පමණ සිදුව ඇත්තේ දෙමාපියන් දෙපළම සිටින දරුවන් බවද වාර්තා වේ.

එම සංඛ්‍යාව 8077කි. එමෙන්ම පියා සමග පමණක් සිටියදී ළමයින් 24ක්, මව සමග පමණක් සිටියදී ළමුන් 34ක් සහ වෙනත් භාරකරුවන් සමග සිටියදී ළමයින් 30 දෙනකු පසුගිය වසරේ මෙලෙස අපයෝජනයට ලක් වී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පිරිමි දරුවකු ලිංගික අතවරයකට ලක් වුවහොත් එය වාර්තා වන්නේ කලාතුරකින් වුවද ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් අතවරයන්ට ලක්වන අවස්ථා වැඩි බවය.

(Aruna)