Thursday, September 25, 2025
Follow Us
පාන්පිටි ගෑස් මිල ඉහළ ගියොත් බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට

පාන්පිටි සහ ගෑස් මිල ඉහළ ගියහොත් එය සෘජුවම බේකරිවල නිෂ්පාදන කටයුතු සඳහා බලපාන බව ආපන ශාලා හිමියන් පවසනවා. එසේ වුවහොත් පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 25 දක්වාත්, කිරි තේ එකක මිල රුපියල් 60 දක්වාත් ඉහළ යාමට නියමිතය. මීට අමතරව බනිස් ගෙඩියක මිල රුපියල් 50 ක් ලෙසත්, රෝස් පාන් එකක මිල රුපියල් 30 ක් ලෙසත් සංශෝධනය කිරීමට මේ වනවිටත් ආපන ශාලා හිමියන් තීරණය කර තිබෙනවා.

(LNW)