Saturday, May 04, 2024
Follow Us
දුම්වැටි වල මිල වැඩි වෙයි

දුම්වැටි සඳහා මිල සූත්‍රයක්


දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

ඒ, අද (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන අතර දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වෙන බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

” මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රු. බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙනවා දුම්වැටිවලින් පමණක්. මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 6%කින් සෑම වසරකම වැඩි වෙනවා. ඒ වගේම තමයි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයාට මිල දී ගැනීමට ඇති හැකියාව අඩුවන නිසා දුම්වැටි ලංකාව තුළ විකිණීමේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එය ඉතාම වැදගත් හා වටිනා ප්‍රවණතාවයක් වෙනවා. දුම්වැටි නිසා අකාලයේ දිනකට පුද්ගලයින් 60දෙනෙක් මියයනවා. දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට ලැබෙන බදු ආදායමට වැඩ තුන් හතර ගුණයක් වැය වෙනවා. දැන් රු 65ක් වන දුම්වැටියක් මිල සුත්‍රයට අනුව සකස් කර ගත්තොත් රු 69ක් විතර වෙනවා. 2026 වන විට රු 20කින් පමණ වැඩිවෙලා. ක්‍රමානුකූලව දුම්වැටියේ මිල ඉහළ යනවා. කිසිම කෙනෙකුට දේශපාලනිකව හෝ වෙනත් අයෙකුට අතපෙවීමක් මිල සම්බන්ධයෙන් කළ නොහැකියි.”

(Aruna)