ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3466ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා. අදාල සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරුවේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත් වීමට නියමිතයි.
මෙරට ජනතාව පෞද්ගලික රසායනාගාරවලින් ලබාගන්නා පී සී ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා වන ගාස්තුවෙන් සියයට 50 හෝ රජය දැරිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මුහුණු ආවරණ, විෂ බීජ නාශක දියර සහ නිරෝධායනය ඇදුම් කට්ටල මිලදී ගත නොහැකි ජනතාව සදහා රජය විසින් ඒවා ලබාදිය යුතු බවයි.
ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
ගතවූ දින 05ක කාලය තුලදී වාර්තා වූ තවත් කොවිඩ් ආසාදිතයින් 3,640 දෙනෙකු අද දිනයේදී සමස්ත ආසාදිතයින්ගේ ලැයිස්තුවට එක් කළ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර තිබෙනවා.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
The Ambalantota Traders Association has decided to close all shops in the Ambalantota town for a week starting from today (15).
Senior Superintendent of Police Nihal Thalduwa has been appointed as the new Police Media Spokesman with immediate effect.
වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිටත් ප්‍රමාද වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. දැන් හෝ ඉතා දැඩි සංචරණ සීමා පනවා, ව්‍යාප්තිය පාලනය නොකළහොත් අවාසනාවන්ත තත්වයක් ඇතිවිය හැකි බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3263ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් කොළඹින් පිට බොහෝ නගරවල ජනතාව වෙනදා මෙන් අද දිනයේ දක්නට නොලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. ජනතාව නගරයට පැමිණීම වැළැක්වීම සදහා ගම්පහ නගරයේ සියළු වෙළදසැල් සහ ව්‍යාපාරික ස්ථානද අද සිට වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටෝනි කරුණානායක පැවසුවේ.
ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3435ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වසංගතය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන ලෙස තවදුරටත් රජයට හෝ බලධාරීන්ට බලකිරීමට බලාපොරොත්තු නොවන අතර අවසාන වශයෙන් මේ ඛේදවාචකය ගැන පැවසීමට ඇත්තේ මහජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Page 370 of 737