Friday, April 19, 2024
Follow Us
අද මම කණ්ඩායමෙන් සමුගත යුතුයි

මහේල ජයවර්ධනගේ තීරණය


සුදුසුකම් ලැබීමේ තරගාවලියට පමණක් සීමා නොවී තවදුරටත් කණ්ඩායම සමග රැඳී සිටීමේ අදහසක් නොමැතිද යන්න සම්බන්ධයෙන් මහේල ජයවර්ධනගෙන් ‘අරුණ’ ඊයේ (21 වැනිදා) කළ විමසීමේදී, තමන්ට පෙර යොදාගත් පරිදිම කටයුතු කිරීමට සිදුව ඇතැයි ඔහු පිළිතුරු දුන්නේය.

ඒ අනුව අද තරගයෙන් පසුව කණ්ඩායමෙන් සමුගැනීමට තමන්ට සිදුවන වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‍මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග රැඳී සිටීම කණ්ඩායම් සාමාජිකයන්ගේ නොමද ශක්තියට හේතුවක් වී තිබීමත්, ඔහු තවදුරටත් කණඩායම සමග රැඳී සිටීම ක්‍රීඩකයන්ගේද අභිලාෂයක් බවට පත්ව තිබීමත් මත ‘අරුණ’ විසින් මහේලගෙන් අදාළ විමසුම කරන ලද අතර පූර්ව සැලසුමට පරිභාහිර යෙදීමක් සිදු නොවන බව ඔහු විසින් මෙසේ සනාථ කරන ලදි.

(Aruna)