Monday, March 30, 2026
Follow Us
බස් රථ ධාවනය කරන අලුත්ම ක්‍රමය

ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාව


කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ හැකි පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ බස් කර්මාන්තයේ ආදායම් අහිමි වීම සහ සේවක හිඟය ඇතුළු ගැටලු සැලකිල්ලට ගනිමින් එම යෝජනාව සිදු කළ බවයි.

(Aruna)