Tuesday, April 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 අතරට


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මූලික වටයේ තරඟයෙන් නෙදර්ලන්තය පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුතාවයකට පත්වූ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 10ක් තුල සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 44ක් පමණයි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ හෙලුවා. දුශ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය.
ලකුණු 45 ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක කිසිදු ලකුණක් නොලබාම දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ක්‍රීඩා කල චරිත් අසලංකට රැස් කරගත හැකිවූයේ ලකුණු 6ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා නොදැවී පන්දු 24කදී ලකුණු 33ක් රැස් කල අතර
එයට හතරේ පහර 6ක් ඇතුලත්.
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 2 ක් රැස් කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කරමින් තරගය පහසුවෙන් ජයගත්හ

(Aruna)