කොළඹ විතරක් නෙවෙයි ගමේ ගෙවලුත් ගිනි ගණනට යයි
ශ්‍රී ලංකාවේ නිවාස මිල මේ වසරේ පළමු කාර්තුවේදී 15.93% කින් ඉහළ ගොස් ඇති අතර වසරේ දෙවන කාර්තුවේදී නිවාස මිල ඉහත මිලෙනුත් 2.02% වැඩි වී ඇති බව ගෝලීය දේපළ මාර්ගෝපදේශනයේ නවතම වාර්තාවකින් අනාවරණය කරයි.
එහි තවදුරටත් දක්වා ඇත්තේ ලොව වේගයෙන් නිවාස මිල ඉහළ යන වෙළෙඳපොලක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති බව හදුනාගෙන ඇති බවයි.
පසුගිය වසරේදී මෙරට නිවාස මිල 1.44% පහත වැටී තිබුණි. එහෙත් ඊට හාත්පසින්ම වෙනස්ව, 2021 පළමු කාර්තුවේදී රට පුරා නිවාස මිල 15.93% කින් ඉහළ ගොස් ඇත.
කොවිඩ් සමයේදී මෙරට නිවාස ඉල්ලුම නගර සීමාවෙන් ඔබ්බට ගොස් ගමට ගොස් ඇති බව ද එහි සඳහන් ය. එහි ප්‍රතිඵලයක් ලෙස අගනුවර වූ කොළඹ නිවෙස් මිල ඉහළ යාම තරමක් සාධාරණ බවක් පෙනී යන නමුත් ග්‍රාමීය නිවාස මිල ඉහළ යාම් ඉතාම ඉහළ අගයක් පෙන්නුම් කරන බව ද එම වාර්තාවේ සඳහන් ය.
(Aruna)