කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා. මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඩෙංගු අවධානම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ආවරණය කරමින් දින 05 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.
අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය සදහා මාසිකව රුපියල් 400 ක මුදලක් වැටුපෙන් කපා ගැනීමට රජය ගත් තීරණයට තමන් විරුද්ධ බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා. එහි ප්‍රධාන ලේකම් කේ සරත් ලාල් පෙරේරා පැවසුවේ එම රක්‍ෂණ ක්‍රමය සදහා රජයේ සේවකයන්ගෙන් මාසිකව අය කරන මුදලට වඩා වැඩි මුදලක් විශ්‍රාමිකයන්ගෙන් අය කිරීම සඳහා ද තමන් විරුද්ධ බවයි.
A total of 202,000 Pfizer vaccines arrived from Doha at the Bandaranaike International Airport on a Qatar Airways flight last night, authorities said.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසනවා. හේතු කිහිපයක් නිසා මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
ලබන වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාවට මූලික වටයේ තරග සඳහා සහභාගිවීමට සිදුව තිබෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් 08 අතරට එක්වීමට අපොහොසත් වීම හේතුවෙනි.
Page 335 of 745