Monday, July 07, 2025
Follow Us
ලාෆ් පැරණි ගෑස් සිලින්ඩර භාර ගැනීමට තීරණය කරයි

සිලින්ඩරය දෙන්න කැමති අයට පණිවිඩයක්


පසුගිය දෙසැම්බර් 05 වැනිදාට පෙර නිකුත් කළ මෙතෙක් ගෑස් අවසන් නොවූ ලාෆ්ස් ගෑස් සිලින්ඩර නැවත භාර ගැනීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

එම සමාගම පැවසුවේ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ද ගෑස් සිලින්ඩර් නැවත භාර දීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා සදහන් කරයි.
ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර විශාල ප්‍රමාණයක් නැවත එකතු කිරීමට නොමැති වුවද අධිකරණය දුන් නියෝගය මත මෙම එකතු කිරීම ක්‍රියාත්මක කරන බව කී වෑගපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)