Monday, July 07, 2025
Follow Us
නත්තලෙන් පසු එළවළු මිල තවත් ඉහළට

බෝංචි , වම්බටු , මාළු මිරිස් මිල රු 75 කින් ඉහළට


නත්තල් උත්සව සමය අවසන් වීමත් සමග වෙළෙඳපොළේ එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

රු 400ට අලෙවි වූ කැරට් කිලෝවක් රු 480-500 මිලකටද , බෝංචි , වම්බටු , මාළු මිරිස් පෙර පැවති මිලට වඩා රු 75 කින් පමණ ඉහළ මිලකට අලෙවි කිරීමට පටන්ගෙන ඇත. අමු මිරිස් කිලෝවක් පෙර පැවති මිලට වඩා රු 200 කින් ඉහළ යාම නිසා අමු මිරිස් කිලෝවක් රු 1200 කට අලෙවි වේ.

මුරුංගා කිලෝවක් රු 600 දෙල් ගෙඩියක් රු 180 , පලා මිටියක් රු 60 දක්වා ඉහළ ගොස් තිබේ.

හැටන් ප්‍රදේශයේ එළවළු පාරිභෝගිකයන් සඳහන් කළේ එළවළු ග්‍රැම් 250ක් මිලදී ගත් තමන්ට මේ වන විට එළවළු ග්‍රෑම් 100 මිල දී ගැනීමට සිදු වී ඇති බවයි.
එළවළු මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ එළවළු ගොවිපොළවල් තිබූ එළවළු නත්තල් සමයට වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා බවත්, මේ වන විට වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම නිසාය.

(Aruna)