ඉන්ධන බෙදා හැරීමේ ගැටළුව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුව තිබෙනවා. එමෙන්ම රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ යලි දිගු වාහන පෝලිම් අද පෙරවරුවේ සිට දැකගත හැකි වුණා.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද දිනයේ බස් ධාවනය සියයට 50 කින් පමණ අඩුවනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ ඉකුත් දින කිහිපයේ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවයි.
අද දිනයේද පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව උදෑසන කාලයේ පැයයි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති. රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 ක්.
වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (25) පැවති සාකච්ඡාව තරමක් උණුසුම් ස්වරූපයක් ගනු ලැබිණි.
දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා වේ.
මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග ශුන්‍යය වී තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
රාජ්‍ය අංශයේ සිදුකළ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු මුදල් මේ දක්වා නිසි පරිදි ගෙවා නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ මේ වන විට රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සියයට 70 කින් පමණ කඩාවැටී ඇති බවයි.
තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක පැවසුවේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යලිත් පෝලිම් හටගෙන ඇත්තේ මේ හේතුවෙන් බවයි.
Page 226 of 768