Wednesday, February 18, 2026
Follow Us
ඉල්ලුම 50% කින් අඩුවුවත් තෙල් සැපයුම බිඳ වැටේ

QR කේතය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන සඳහා පැවති ඉල්ලුම සියයට 50කින් අඩු වුවද මේවනවිටත් අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කිරීමට ඛණිජ තෙල් සංස්ථාවට හා IOC සමාගමට නොහැකි වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සඳනායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ පවතින ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවයි.

කෙසේවෙතත් තවත් සතියකින් පමණ ඉන්ධන හිඟයට කෙටි විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළා.

මේවනවිට රට පුර බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යළිත් වරක් පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

Neth