Wednesday, February 18, 2026
Follow Us
බලපිටියේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

බලපිටිය රෝහල ආසන්නයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙසේ වෙඩිතබා ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සහ මීට පෙර අම්බලන්ගොඩ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇතැයි සැක පහළ කරන බවයි පොලිසිය පවසන්නේ.

LNW