Wednesday, February 18, 2026
Follow Us
වෙළෙඳපොලේ පොල් හිඟයක්

පකිස්ථානයට පොල් ගෙඩි මිලියනයක් පටවලා


මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා පැවසීය.

Aruna