ලබන බදාදා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත වතාවක් අඩුකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
මෙම මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
පාසල් සිසුන්ට කැඳ වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතිය දිවයින පුරා පාසල් දහසක අද සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
මහකන්නයේ බඩඉරිගු වගාව සදහා අවශ්‍ය යූරියා පොහොර බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට යූරියා මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ 75,000ක් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.
අඩු මුදලකට ගල් අගුරු සැපයීමට යම් සමාගමක් ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට තවමත් අවස්ථාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවන්ට ලක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඩීසල්වලට වඩා පෙට්‍රල් මිල අඩුවීමක් සිදුව ඇත්තේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
අද දිනය තුළ ඉන්ධන ඇණවුම් කිරීමෙන් ඉවත් වීමට ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඛණිජ තෙල් බෙදුම්කරුවන් වෙත ගෙවා ඇති කොමිස් මුදලෙන් සියයට 45ක් පමණ මාසික පරිහරණ ගාස්තුව ලෙස නැවත අය කිරීමට එරෙහිව තෙල් සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
Page 185 of 746