Saturday, February 21, 2026
Follow Us
ආනයන තහනම ඉවත් කළත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවදුරටත් බාධා

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය සඳහා අවසර ලබාදුන්න ද තවදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන් බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුවහගත කිරීම සිදුවුවහොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි.

කොන්ත්‍රාත්කරුවන් විසින් කොන්ත්‍රාත් පදනම මත සිදුකළ රජයේ ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු මුදල් කඩිනමින් පියවීමට කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරට බැංකු පොළිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් මේවනවිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Neth