මේ දිනවල පවතින වායු තත්වය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ නිවේදනයක් කර තිබේ.
ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වායු තත්ත්ව පසුවිපරම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම වායු තත්ත්වය සම්බන්ධ තොරතුරු ජාතික වායු තත්ත්ව වෙබ් අඩවිය (aq.cea.lk) මගින් මාර්ගගත ක්‍රම ඔස්සේ ජනතාව වෙත ලබාදේ.
එසේ පසුවිපරම් කර ලබා ගන්නා විද්‍යාත්මක දත්ත හා තොරතුරු අනුව මේ දිනවල මිනුම් කරන ඇතැම් ස්ථානවල දිවයිනේ උතුරු ප්‍රදේශයේ යාපනය, කිළිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්කවලත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් විශේෂයෙන්ම අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ හා කල්මුණේ ආශ්රිත ප්‍රදේශවලත් වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශ (PM10, PM2.5) ඉහළ යාමක් වාර්තා වී ඇත.
මෙම තත්ත්වය සඳහා ශ්‍රී ලංකාවට බැහැරින් පැමිණෙන සුළං ධාරාවන් හේතු වී ඇති අතර එම තත්ත්වය සඳහා ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අනුව සංවේදි පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් පවතී.
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද බලාපොරොත්තු විය හැකි අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි අවස්ථාවල පිළිපැදිය යුතු බවට නිර්දේශ කරන ලද සෞඛ්‍ය උපදෙස් ඉහත වෙබ් අඩවියේ දක්වා ඇත. ඒ අනුව සංවේදි පුද්ගලයන් N95 මුඛ ඇඳුම් පැළඳුම් නිර්දේශ කර ඇත. අප ආයතනය විසින් වායුගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව පසු විපරම් කරන අතර ඒ අනුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ.