Saturday, February 21, 2026
Follow Us
දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්

උතුරු පළාතේ අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්.

Neth