Saturday, February 21, 2026
Follow Us
තහනම ඉවත් කළත් කංසා අපනයනයට බාධා කිහිපයක්

පනවා ඇති තහනම ඉවත් කළ පමණින් කංසා වාණිජ වගාවක් බවට පත් කළ නොහැකි බව කෘෂි විශේෂඥයෙක් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක සිට තහනමට ලක්ව ඇති හේතුවෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් කංසා බීජද රට තුළ නොමැති බවයි ඒ පිළිබද අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ.

තහනම ඉවත් කිරීමෙන් අනතුරුව වගා කළ පමණින් කංසා අපනයනය කිරීමට නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කංසා වගාව නීතිගත කරන්නේ නම් ඒ සදහා සම්පූර්ණ බලය හිමි නියාමන ආයතනයක් පිහිටුවන ලෙසට රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර රජයෙන් ඉල්ලීමක් ද කළා.

Neth