Wednesday, April 22, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පසුගිය 6 වැනිදා රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස්හතක‍ට (137) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Social and Equity

පියා විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට  සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) දින පස්වරු නිවස තුලදි ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

Social and Equity

රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත

Social and Equity
  • සෑම ගමක් සඳහාම අස්වැසුම වෙනුවෙන් වෙනම  නිලධාරියෙක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන  ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය .

Social and Equity

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා කටාර්හි දෝහා සිට පැමිණි ගුවන් යානයකින් අද (05) අලුයම දිවයිනට පැමිණ තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර මෝටර් සර්ෆ් ක්‍රීඩා උළෙල මේ මස 17, 18 සහ 19 තෙදින කොළඹ බේරේ වැවේදී දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

Social and Equity

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 

Social and Equity

මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Social and Equity

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයින් බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ  " ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023" පසුගියදා පැවැත්විණි.

Social and Equity

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී, වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කටයුතු කර තිබේ.

Social and Equity

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

Social and Equity

"වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසැල් හොකී තරගාවලිය - 2023" පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා පැවැත්විණ.

Social and Equity

අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය මඬ පොහොර හිඟ යැයි  ඊයේ (05) ඇතැම් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි. 

Social and Equity

බීමතින් ගොස් අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් රියදුරෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පොලිස් ජීප් රථයට දැඩි හානි සිදුව තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොස්තාපල් රියදුරු බීමතින් සිටි නිසා ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ කොස්තාපල් රියදුරු වාලච්චේන රෝහල් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍යවරයා සහතික කර තිබෙ.

-Aruna

Social and Equity

මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කරමින් මින් ඉදිරියට අනර්ථ දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ඉදිරියේදී පොරොන්දු වූහ.

Social and Equity

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ.

Social and Equity

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Social and Equity

පළාත් පාලන ආයතන මගින් ව්‍යාපාර සදහා නිකුත් කරන වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීමෙන් පසු අදාළ බලපත්‍රලාභීන් ඉල්ලුම් කළ ව්‍යාපාරික කටයුත්තම එම ස්ථානවල පවත්වාගෙන යනවාදැයි වාර්ෂිකව සොයා බලන ක්‍රමවේදයක් දියත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පළාත් පාලන කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.