Friday, May 03, 2024
Follow Us
ඒඩ්ස් මඬින්න අලුත් ඇප් එකක්

මෙරට HIV ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රෙ­යන් ඉහළ යෑම සැල­කි­ල්ලට ගනි­මින් HIV සහ ලිංගා­ශ්‍රිත රෝග සම්බ­න්ධ­යෙන් යම් අව­දා­න­මක් ඇද්දැයි සොයා බැලී­මට ජාතික ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හන විසින් KNOW 4 SURE නමින් නව ජංගම දුර­ක­තන යෙද­වු­මක් හඳුන්වා දී තිබේ.

2023 වස­රේදී HIV නව ආසා­දි­ත­යන් 695 දෙනකු හඳු­නා­ගෙන ඇති අතර, එය 2022 වස­රට සාපේ­ක්ෂව 14%ක වර්ධ­න­යක් බව ජාතික ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍යක්ෂ, ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය ජානකී විදා­න­ප­ති­රණ මහ­ත්මිය අනා­ව­ර­ණය කළාය. ලිංගි­කව සක්‍රිය වයසේ පසු වන අවු­රුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පිරිස් ඊට ගොදුරු වීමේ අව­දා­නම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළාය

අනා­ර­ක්ෂිත ලිංගික ක්‍රියා, ආසා­දිත මව­ක­ගෙන් දරු­වෙ­කුට සහ ආසා­දි­ත­ය­කුගේ රුධි­රය නීරෝගි අය­කුගේ ශරී­ර­යට ඇතුළු වීම යන ප්‍රධාන ක්‍රම 3 ඔස්සේ HIV ආසා­ද­නය සිදු වන බව පෙන්වා දෙන ඒ මහ­ත්මිය එලෙස ආසා­ද­නය සිදු වී නිසි ප්‍රති­කාර නොගන්නා පුද්ග­ල­ය­කුගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­ති­යට බල­පෑම් ඇති කර­මින් වසර 2ත් 7ත් අතර කාල­ය­කදී ඒඩ්ස් අව­ධි­යට පත් වන බවද ඇය පැව­සු­වාය. ඒ මහ­ත්මිය මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

-Dinamina