Friday, February 13, 2026
Follow Us
අපේ අක්කර ලක්ෂ දෙකකට චීනයෙන් “සී රයිස්"

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිතය.

සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි ප්‍රදේශයක සී රයිස් වගා කිරීමට නියමිතය.

මෙරටට වී ප්‍රබේද විදෙස් රටවලින් ආනයනය නොකෙරෙන අතර,පර්යේෂණ කටයුතු සඳහා චීනයෙන් සී රයිස් බීජ ගෙන්වා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම,මින් පසුව පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කිරීම වෙනුවට එම ඉඩම්වල උචිත බෝග වගා කිරීමට පමණක් අනුමැතිය ලබාදෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසුවේය.

Aruna