Friday, May 03, 2024
Follow Us
සරසවි සිනමා සම්මාන උළෙල උත්කර්ශවත්
දේශීය සිනමාවේ මහා කලා මංගල්යය ලෙස සැලකෙන සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ලේක් හවුස් ආයතනයෙන් ප්රකාශයට පත් කරන සරසවිය පුවත්පත මෙම සම්මාන උලෙළ පැවැත්වූයේ 35 වැනි වරටය. ඒ වසර පහකට පසුව වීම විශේෂත්වයකි.මෙවර සම්මාන උලෙළේ ප්රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ප්රවීණ රංගවේදනී, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියයි.
2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ සිනමාපට අතරින් වසර දෙකකදී ඉදිරිපත් කළ චිත්රපට 40ක් සඳහා ජූරිය විසින් තෝරා ගන්නා ලද සම්මාන ඇතුළුව සම්මාන 64ක් පිරිනමන ලදි. 2019 වසරේ තිරගත වූ චිත්රපට 30ක් අතරින් 28ක්ද, 2020 වසරේ තිරගත වූ චිත්රපට 12ක්ද ඒ ඒ වසරවල දී තරගකාරී අංශයේ සම්මාන 24ක් උදෙසා සලකා බලන ලදී.
ඒ අනුව 2019 ජනප්රියම චිත්රපටය ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්යක්ෂනය කල විජයබා කොල්ලය චිත්රපටයත්, 2020 වසරේ ජනප්රියම චිත්රපටය ලෙස සුනාමි සෝමරත්න දිසානායක අධ්යක්ෂනය කල සුනාමි චිත්රපටයත් සම්මානයට පාත්ර විය.
සම්මාන උළෙලේදී ලක්ස් ජනප්රිය ලෙස නිළිය ශනුද්රි ප්රියසාද් සහ ලක්ස් ජනප්රිය නළුවා ලෙස හේමාල් රනසිංහ ද සම්මාන හිමිකර ගන්නා ලදී.
2019 ජනප්රිය නිළිය ලෙස සෙනාලි ෆොන්සේකාට ත් 2020ජනප්රිය නිළිය ලෙස දිනක්ෂි ප්රියසාද්ටත් සම්මාන හිමි වූ අතර 2020 ජනප්රිය නළුවා ලෙස කලන ගුණසේකරත් 2019 ජනප්රිය නළුවා ලෙස උද්දික ප්රේමරත්නත් සම්මානයට පාත්ර විය.
2019 හොඳම සිනමාකර්ෂණය චිත්රපටයලෙස විජයබා කොල්ලය සම්මානය හිමි කරගනිද්දී,
2020 වසරේ හොඳම සිනමාකර්ෂණය චිත්රපටය බවට පත්වූයේ ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ ද නිවුස් පේපර් චිත්රපටයයි. එම චිත්රපටයේ රංගනයෙන් දායක වූ චින්තක වාස් විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.
2020 හොඳම ගායිකාව ලෙස ද නිවුස් පේපර් දොලේ දියත් ගීතය ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනිය සම්මානයට පාත්ර විය. 2020 හොඳම ගීත රචනය ලෙස සම්මානය දිනා ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ද නිවුස් පේපර් චිත්රපටය වෙනුවෙන් රචනා කර එම ගීතයයි.
2020 හොඳම වේශ නිරුපණය වෙනුවෙන් ප්රේමලාල් ලියනගේ ටත් හොඳම කැමරාකරනය වෙනුවෙන් චන්දන ජයසිංහටත් ද නිවුස් පේපර් චිත්රපටයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්ර විය.
2020 හොඳම නළුවා ලෙස සම්මානයට පාත්ර වූයේ, ද නිවුස් පේපර් චිත්රපටයට රංගනයෙන් දායක වූ කුමාර තිරිමාදුර යි.
2020 වසරේ හොඳම චිත්රපටය ලෙස සරසවි සම්මානය දිනාගත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද ද නිවුස් පේපර් චිත්රපටයයි.
එම සම්මානය සරසවි සම්මාන උළෙලකදී ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ට චිත්රපට නිෂ්පාදනය වෙනුවෙන් හිමි වූ තුන්වන සම්මානය ද වේ.
2019 රණාපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්ය සම්මානය ජ්යෙෂ්ඨ මාධ්යවේදී සිරි කහවල මහතාටත් 2020 රණාපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්ය සම්මානය ජ්යෙෂ්ඨ මාධ්යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා වෙතත් පිරිනමන ලදී.
ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය -2019 වසර වෙනුවෙන් ජ්යෙෂ්ඨ ප්රවීණ රංගවේදී සතිස්චන්ද්ර එදිරිසිංහ මහතා වෙතත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය 2020 වසර වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායක මහතා වෙතත් පිරිනමන ලදී.
ප්රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් සුවිශේෂී කෘතයෝපහාර සම්මානය කුමාරි මුණසිංහ මහත්මිය වෙත පිරිනැමීමද මෙවර සම්මාන උළෙලේ සුවිශේෂී අවස්ථාවකි.
අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා , වරාය සහ නාවික කටයුතු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා , අධිකරණ අමාත්ය අලි සබ්රි මහතා, රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය,පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා ,මහභාරකර ගිහාන් පිල්පිටිය මහතා, රංගන ශිල්පීන්, කලා ශිල්පීන් ඇතුළු සිනමා ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම සම්මාන උළෙලට එක්ව සිටියහ.