කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අප්‍රේල් මස 18 දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම මෙම මස 27 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ “Golden Inmediens - 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්විණි.
ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදයි.
මෙවර යල කන්නයේ වී වගාවට හා අනෙකුත් බෝග වගාවට අවශ්‍ය සියලුම පොහොර වර්ග හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19) පස්වරුවේ එක් වූහ.
වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ ( 20) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
කොකේන් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන කරල් 12 සමග පුද්ගලයෙකු අද (23) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ තුළදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 5377ක් විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා (19) කටයුතු කළේය.
කැනඩා රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රෝගී සත්කාර ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රාගාරයක් පසුගියදා කෑගල්ල මහ රෝහලට ලබාදී තිබේ.
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
තුඹයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර මහතා විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර 06ක පමණ එළවළු වගාව ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කළේය.
Page 111 of 768